පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ රාජකාරී සඳහා පාසල් යොදාගැනීමට අදහස් කර ඇති බවත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසු ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර පාසල්වල වැඩකටයුතු සිදුකිරීම අපහසු වියහැකි බැවින් පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පාසල් නිවාඩු සම්බන්ධ ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය එළඹෙන (21) වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් එම සතියේ (18), (19) හා (20) දිනවල පාසල්වලට නිවාඩු ලබාදීමට හැකිද යන්න ගැන සාකච්ඡාවක් සිදුකර ඇති අතර (16) හා (17) රජයේ නිවාඩු පැවතීම නිසා ඉතිරි දින සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

