Image

පරණ සෙල්ලම් සියල්ල අවසන්.. ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 2000ක් ඉවතට.!

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි දක්වා ඇති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයට අනුව කටයුතු කරමින් රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සදහා නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මඟින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සදහා ශ්‍රී ලංකා පොලිසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සදහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා සංශෝධනය කර පවත්වා ගෙන යාමට තීරණය කර ඇති අතර එම සංඛ්‍යාවට අමතරව වරින් වර කමිටුව රැස් වී තක්සේරු වාර්තා කැඳවා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට හෝ වැඩි කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා පොලිසියේ සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා දැනටමත් නිලධාරීන් 24000ක පමණ ඌණතාවයක් පවතින අතර එමෙන්ම මෙයට පෙර ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයෙහි ප්‍රභූ ආරක්ෂක රාජකාරි යොදවා සිටින නිලධාරීන් 2000කට අධික පිරිසක් ඉන් ඉවත් කර සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා අනුයුක්ත කර ඇති බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් යෙදවීමක් සිදුකර නොමැති අතර මෙලෙස ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීම මඟින් අපරාධ මර්ධනය ඇතුළු අනෙකුත් රාජකාරි සදහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන වලට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් යොදවා ගැනීමට හැකි වී තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

TRENDING POST