Image

සේනක බටගොඩ දිවි සැරිය නිමා කරයි.!

දශක ගණනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස රසික හදවත් සුවපත් කල සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

සේනක මහතා අද (11) අලුයම අභාවප්‍රාප්ත වූ බව සිය පවුලේ සමීපතමයින් දැනුම්දී ඇති අතර මියයන විට ඔහු අසනීප තත්වයෙන් පසු වු බව පැවසේ.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූයේ රොක්, පොප් ගායන වාදන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණයට පත් සේනක මහතා 1958 ජුනි මස 25 වැනි දින උපත ලබා ඇති අතර මියයනවිට 66 හැවිරිදි වියෙහි පසුවිය.

ඔහුගේ ජනාදරය දිනාගත් ගීත ගොන්න අතර, අපි කවුරුද අපි සැනසිල්ලේ අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තියෙනවා, සැනසුම සහ හොඳම දේ. ” ආදී ගීත ‍රැසක් පවතී.

TRENDING POST