Image

බැංකු පොලී අනුපාත සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

වර්තමානය වන විට 8.5% දක්වා වූ අවම මට්ටමක පවතින ජේෂ්ඨ පුරවැසි ස්ථාර තැන්පතු ගිණුම් සඳහා වන පොලී අනුපාතය ඉහල දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇත.

බැංකු පද්ධතිය පවසන්නේ ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා ගෙවන අවම පොලී අනුපාතය හේතුවෙන් ජේෂ්ඨ පුරවැසියන් වැඩි පිරිසක් තම ස්ථාවර තැන්පතු ගිණුම් අවලංගු කර ඇති බවයි.

කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10% ක් දක්වා ඉහළ දැමීමටයි.

ඒ සම්බන්ධයෙන් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

TRENDING POST