ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 70-80ක් ජාතික ජන බලවේගය ලබා ගන්නා බව එම පක්ෂයට සම්බන්ධ සමාජ මාධ්‍ය ප්‍රධානියකු වන සේපාල් අමරසිංහ පවසයි.
එහෙයින් ඡන්ද 50%ක් ලබා ගෙන මාලිමා ආණ්ඩුවක් බිහි වීම පිළිබඳ කිසිදු සැකයක් නැති බව ද හෙතෙම අවධාරණය කරයි.
අනතුරුව ප්‍රගතිශීලී ජනතාව ද එකතු කරගෙන ඉදිරි මහා මැතිවරණයට පසු මාලිමා ආණ්ඩුවක් පිහිටුවන බව ද එම බලවේගය සමග හැප්පෙන්නට නොඑන ලෙස ඔහු භික්ෂූන් වහන්සෙලා කිහිප නමකට ද අනතුරු අඟවයි.
“ඒ හින්දා යූරියා සමන්ත වෙන්න පුළුවන්, මිහින්තලේ ධර්මේ, මහමෙවුනාවේ ඥානේ වගේ විෂබීජ ටිකක් ඉන්නවා. ඒ අයට සල්ලි වියදම් කරන්නත් විශාල පිරිසක් ඉන්නවා.
හැබැයි ඒ ගොල්ලට සමාජ දේශපාලන බලයක් මෙතන නෑ. ඒක අපි තහවුරු කරලා ම කියනවා. ඒ නිසා බොරුවට හැපෙන්න ඇවිත් සිවුරු ගලවගන්න එපා. යම් යම් පිරිස්වලට පොඩි පොඩි සංවිධානාත්මක හැඟීමුත් තියෙනවා. අපි ගහන්නේ නැගිටින්න නෙමෙයි නෙ.”

