Image

වෛද්‍ය ෂාෆිගේ නිවසෙන් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

කලාවැව, බලලු වැව ප්‍රදේශයෙහි පිහිටි වෛද්‍ය ෂාෆිට අයත් යැයි කියන නිවසක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

ගල්කිරියාගම පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ සිරුර සොයාගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මෝමඩ් නිදාම් නැමැති මුස්ලිම් ජාතික පුද්ගලයෙක් බව වාර්තා වන අතර මිය ගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී බලලුවැව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පැමිණ අදාල නිවසේ තාවකාලිකව රැඳී සිට ඇත.

මියගිය පුද්ගලයා ආසන්නයේ තිබී යම් ඖෂධ වර්ග කිහිපයක් පොලීසිය සොයාගෙන ඇති අතර අදාළ මරණය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනා බව පොලීසිය පවසයි.

මරණය සම්බන්ධයෙන් අදාළ නිවස භාරව සිටි පුද්ගලයා ඇතුළු තවත් කිහිප දෙනෙක්ගෙන් පොලිසිය කට උත්තර ලබාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය දඹුල්ල රෝහල වෙත රැගෙන ගොස් ඇත.

ගල්කිරියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

TRENDING POST