ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්විම සදහා ඇප මුදල් තැන්පත් කිරිම පරාජයේ මුලික පෙරනිමිත්තක් බැව් සමගි ජනබලවේගයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ ස්වාධිනව තරග කළ කිසිදු අපේක්ෂකයෙකු ජයග්‍රහණය කොට නොමැති බවද ෂාන් විජේලාල් ද සිල්වා මහතා සදහන් කළේය. ගාල්ලේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මෙසේද කිවේය.
82 වර්ෂයේ සිට පැවති කිසිදු ජනාධිපතිවරණයකදි ස්වාධින අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරලා නැහැ. ඇපයත් රාජසන්තක වෙලා තමයි තියෙන්නේ. කවුරු මොනවා කිවත් ජනාධිපතිවරයා නිශ්චිත වැඩපිළිවෙළක් යාන්ත්‍රණයක්, නැතිව තමයි ජනාධිපතිවරණය සදහා තරකරන්නේ. ඒ නිසා ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භයේම පරාජයේ පෙරනිමිත්තක්.
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියනවා ජනාධිපතිවරයා පක්ෂය දෙකඩ කළා කියලා. ජනාධිපති පුටුවට යන්න උදව් කරපු පොහොට්ටු පක්ෂයට එහෙම කළා නම් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උදව් කිරිමට යන පොහොට්ටුවේ අයට රනිල් වික්‍රමසිංහ වැරදිලාවත් ජනාධිපති ධුරයට පත්වුවහොත් කළ ගුණ සලකන හැටි හිතාගන්න පුළුවන් යැයිද ෂාන් විජේලාල් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.