Image

ස.ජ.බ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට

එළඹෙන ජනාධිපතිවරණයට සමගාමීව සමගි ජන බලවේගයේ විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පත සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

පක්ෂයේ විද්වත් සභාවක් විසින් සකස් කර ඇති එම කෙටුම්පත ඉකුත් බදාදා දින විපක්ෂ නායකවරයාට ලබා දී ඇති බව සඳහන්.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය පවසයි..

TRENDING POST