සමගි ජන බලවේගයේ හිටපු සභාපති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිත බව වාර්තා වෙයි.
බාකීර් මහතා ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයකු වන අතර ඔහු මේ වනවිට ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යන පාර්ලිමේන්තු කාරක සභාවන්හි සාමාජිකත්වය දරයි.
ඒ අනුව එම ධූරය සඳහා වන පත්වීම ඉදිරි සජබ පක්ෂ සම්මේලනයේදී නිල වශයෙන් යෝජනා කර සම්මත කරගැනීමට නියමිත බව සඳහන්.
සරත් ෆොන්සේකා මහතා මේ වන විට සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් සහ පක්ෂයේ නිලතල වලින් නිල වශයෙන් ඉවත් වී ඇති අතර ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමටද නියමිතයි.