ඊයේ කොළඹදී පැවැත්වීමට සංවිධානය කර තිබූ සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තික බලවේගයේ සමුළුව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
එම අථිටුවීමට හේතු වී ඇත්තේ සමුළුව සඳහා සහභාගි වූ සෞඛ්‍ය වෘත්තිකයන් ගණන විසි දෙනෙකුටත් අඩු ප්‍රමාණයක් වීමයි.
විපක්ෂ නායක හා සමගි බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඊයේ දිනයේ මෙම සමුළුව පැවැත්වීමට සංවිධානය කර තිබුණේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් 2000ක පමණ පිරිසක් ඊට සහභාගි කිරීමට සැලසුම් කර තිබී ඇතිමුත් පෙරවරු 09.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ සමුළුවට පෙරවරු 10.30 වනතෙක්ම එය ආරම්භ කිරීමට ප්‍රමාණවත් පිරිසක් සහභාගි නොවීමෙන් එය කල් තැබීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් පක්ෂ සඳහන් කරන්නේ සමුළුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට සිදුවූ බවත් නැවත පවත්වන දිනයක් පසුව දැනුම් දෙන බවත්ය.

