සමඟි ජන බල සන්ධානයේ මහා මැතිවරණය සඳහා ඉදිරිපත්වන මන්ත්‍රී අපේක්ෂක ලැයිස්තුව සඳහා ඕස්ට්‍රේලියාවේ සිට මෙවර ජනාධිපතිවරන කටයුතු සඳහා ගෙන්වා ගත් ටී. එම්. ඩිල්ෂාන් සහ මෙරට ජනප්‍රිය නිළියක වන දමිතා අබේරත්න ස්ථිර වශයෙන්ම මන්ත්‍රීවරුන් ලෙස තෝරා ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ දකුණත ලෙස සැලැකෙන ලක්ෂ්මන් ෆොන්සේකා සමඟින් පවතින සමීප සබඳතාව ඊට හේතුව බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් දමිතා අබේරත්න ඇතුළත් කිරීම හරහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉවත් කිරීමත් එමෙන්ම ටී. එම්. ඩිල්ෂාන් යොදවා ගැනීම හරහා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අජිත් පී. පෙරේරා ඉවත් කිරීමටත් සැළසුම් සකස්වී ඇති බව පැවසේ.

