Image

“ගැහුවොත් ගහනවා කුඩුවෙන්න” – පොහොට්ටු මන්ත්‍රී එළිපිට මරාගනී

අපි නිදහසෙන් පසු ඇහැට පේන, ඇඟට දැනෙන විශාල සංවර්ධනයක් කළේ මහින්ද රාජපක්ෂ බවත් ගම්පහට සංවර්ධනයක් කළේ බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සදහන් කරයි.

පොහොට්ටුවේ විශාල පිරිසක් ප්‍රතිපත්ති සියල්ල පාවාදී ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සමග එක්වී සිටින බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් සදහන් කළේ,

” මම අදනම් මොකුත් කියන්න යන්නෑ.. දවසක් හරි අපට කීවොත් වචනයක් මම එදාට ගහනවා කුඩුවෙන්න ඕන කෙනෙකුට.. පුළුවන්නම් අපට බොරු කියලා ගහපන් ගැහුවොත් ගහනවා පහුවෙනිදට ඊට වඩා දෙගුණ වෙන්න..

අපි නිදහසෙන් පස්සෙ ඇහැට පේන, ඇඟට දැනෙන විශාල සංවර්ධනයක් කළේ මහින්ද මහත්තයා මේ රටට. ඒ වගේම ගම්පහට කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. අපේ අය අද කියනවා ආර්ථික ඔස්තාර් රනිල් ලු.

විසෙන් විස නසන්න ඕන. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බැරි වුණා. විසෙන් විස නසන්න පුළුවන් 88 -89 මුහුණදුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට. අරගලය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා.

ඒ අරගලය මට්ටු කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයට තමයි. ඒ නිසා විසෙන් විස නසන්න තමයි මමනම් ඒ වෙලාවේ අත ඉස්සුවේ. අපි ඔය කිවුව මහලොකු දෙයක් වෙලා නෑ.

අද අපේ සමහරක් අය ප්‍රතිපත්ති සියල්ල පාවලා දීලා ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන්, ඒ දේවල් ඉෂ්ට කරගන්න අපේ විශාල පිරිසක් ගිහිල්ලා තියනවා. හැබැයි බලපෑම්, තර්ජන ගර්ජන මධ්‍යයේ වරදාන වරප්‍රසාද ඔස්සේ නොගිහින් ප්‍රතිපත්ති ගරුක දේශපාලනය සදහා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හිටගන්නවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ගම්පහ පැවැති රැස්වීමකදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.