Image

පොහොට්ටු අපේක්ෂකයා හෙළි කරයි.!

රනිල් වික්‍රමසිංහ යනු කන්න දුන් අත හපා කෑ පුද්ගලයෙක් බවත් ඔහු පොහොට්ටුවේ හතුරෙකු බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

අද (26) පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ මොහොතේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වඩාත්ම සුදුසු පුද්ගලයා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බවත් ඒ සම්බන්ධව සියලුම සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ., බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින්ගේ එකඟතාවයෙන් ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව 100%ක් මේ වන විට තහවුරු කර ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම ජනාධිපති ධම්මික පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක දේශපාලන තීරණ ගනු ලබන්නේ සහ කැබිනට් මණ්ඩලය පත්කරනු ලබන්නේ අගමැතිවරයා වන නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බවත් ඔහු පවසා සිටියේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.