Image

මහ ඡන්දෙට පොහොට්ටුව ලෑස්තියි

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නෙළුම් මාවතේදී පක්ෂ නායකයින් එක්ව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නැවත පක්ෂය සමග එක්වීමට පක්ෂය හැරගිය අය බොහෝ දෙනකු ඉල්ලීම් කර තිබෙන බවත් එහිදී හෙළිව තිබේ.

TRENDING POST