ජනාධිපතිරණයේදී අපේක්ෂකයකු තෝරාපත්කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සබාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරු 4.00 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නෙඑසේනම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධායක සභාව සභිකයන් 120කට ආසන්න වන අතර එහි සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75කට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට සහාය පල කරමින් සිටිති.
ඉකුත් සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් 12 දෙනෙකු සහ අමාත්‍යවරුන් 18 දෙනෙකු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු ස්ථාන කීපයකදී සාකච්ඡා පවත්වා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්වීමට තීරණය බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිහකට අධික පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී මේ මොහොතේදී ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්විය යුතු බවද ප්‍රකාශ කර තිබේ.
එබැවින් මේ මොහොතේ පක්ෂයෙන් වෙනත් අපේක්ෂක ඉදිරිපත් කළහොත් පක්ෂය දෙකඩ වනු ඇතැයිද ඔව්හු හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
එහිදී හිටපු ජනාධිපති රනිල් පවසා ඇත්තේ මේ මොහොතේ දී පක්ෂයෙන් අපේක්ෂක වූ ඉදිරිපත් නොකර සිටීමට තමන් වැඩි කැමැත්තක් දක්වන බවයි.
අතර සිකුරාදා නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ සමුළුවද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද වාර්තාවේ.
එමෙන්ම ඉකුත් සෙනසුරාදා ජනාධිපති උපදේශක සාගල රත්නායක, අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහත්වරුන් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඉල්ලීමක් කර ඇත්තේ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන ලෙසයි.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 112 දෙනෙකු ජනාධිපතිවරයා ප්රමුඛ රජයට සහය පළකරති.
ඉන් මන්ත්‍රීවරුන් 90 දෙනෙකු පොහොට්ටුවේ සාමාජිකයන් වන අතර ඔවුන් පාර්ලිමේන්තුවට සෘජුවම තේරී පත්වූයේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට තරඟ කිරීමෙනි.
ආන්ඩුවට සහය පල කරන තවත් මන්ත්‍රීවරුන් 22 දෙනෙකු පොහොට්ටුව ලකුණින් වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරමින් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ අය වෙති.මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 03 ,ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ මන්ත්‍රීවරු 01,එක්සත් මහජන පක්ෂයේ මන්ත්‍රීවරු 01, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 02 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 09 (නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය)නව සන්ධානයේ මන්ත්‍රීවරු 05 මුස්ලිම් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 01මෙලෙස ආණ්ඩුවට සහාය දක්වයි.ඔවුන් සියලුම දෙනා මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය සහාය පළ කර තිබේ
ආණ්ඩුවට සහාය පළ කරන තවත් මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුද සිටින අතර ඔවුන් සියලු දෙනාද මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය සහාය පළ කරයි . ඔවුන් පොහොට්ටුව සමග සන්ධානගත වුවෝ වෙති. ඊ.පී.ඩී.පී පක්ෂයට මන්ත්‍රීධූර 02ක්, තමිල් මක්කල් විඩුදලෛ පුලිකල් පක්යට මන්ත්‍රීධූර 01, සමඟි ජන බලවේගයට මන්ත්‍රීධූර 04ක්,කඳුරට ජනතා පෙරමුණට මන්ත්‍රීධූර 01ක්,අහිල ඉලංගෙයි මහජන කොංග්රසයයට මන්ත්‍රීධූර 01,ක් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 01ක්, ජාතික කොංග්‍රසයට මන්ත්‍රීධූර 01ක් වශයෙන් එම මන්ත්‍රීධූර 11 බෙදී යයි.
මේ සියලුම දෙනාම ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජයට සහය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 90 දෙනා අතරින් මන්ත්‍රීවරුන් 75ට ආසන්න පිරිසකගේ සහය ජනාධිපතිවරයාට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත