Image

පක්ෂයට කොකා පෙන්වූ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර ඇති පරිදි පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කළ සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනා බවයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට බලාපොරොත්තු වන පිරිසට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

එලෙස අවවාදාත්මක ලිපියක් ලැබී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ,

“සාගර කාරියවසම්ලා මොන ලියුම් එව්වත් අපි මේවට බය නෑ.. අපි තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිතුමා මේ රටට සිදුකළ සේවාව ගැන හිතලා” යනුවෙනි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.