Image

මැතිවරණ නීති තද කරයි.. සමාජ ජාලවල අසත්‍ය ප‍්‍රචාර තහනම්

ඊයේ (15) සිට ඡන්ද විමසීම අවසන් වනතෙක් සියලු මැතිවරණ නීති දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ඒ අනුව අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම,අගතියට පත්කිරීමට සිදු නොකළ යුතුය.

ජනාධිපතිවරණය පවත්වා සතියක් යන තුරු පෙළපාලි පැවැත්වීම සපුරා තහනම් වෙයි.

එවැනි කටයුතු නතර කිරීමට පොලිසියට බලය පවරා තිබේ.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට පොලිසියේ අවසරය තිබිය යුතුය.

ඡන්ද ලබා ගැනීම සඳහා අල්ලස් ලබාදීම ,අයුතු බලපෑම් සිදුකිරීමෙන් වැලකිය යුතු බව සභාපතිවරයා පැවසීය.

රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් අයුතු ලෙස භාවිතා නොකළ යුතුය.

TRENDING POST