Image

සමාජ මාධ්‍යයේ හදිසි කැළඹීම ගැන පොලීසියෙන් නිවේදනයක්.!

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශන නැවතත් සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම හා ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝ මේ දිනවල හුවමාරු වෙමින් පවතින බව පොලීසිය සදහන් කරයි.

එම වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම ජනතාව නොමග යැවීමක් බවත් එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට සෘජු ලෙස බාධා ඇතිවන බවත් එලෙස සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බවද සදහන් කරයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ දර්ශන පළ කරනු ලැබුවහොත් එවැනි අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවත් එවැනි වීඩියෝ දර්ශන පළ කිරීම, බෙදාහැරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.