2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඬ කාලයහෙට (14) දක්වා ක්‍රියාත්මක බවත් මැතිවරණය පැවැත්විමට අවශ්‍ය ආරක්ෂාව මේ වන විටත් සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.
මෙම නිහඬ කාලය තුළ තමන් දිවයින පුරා ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතුවල නිරතවන බවත් නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය නිරීක්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි.
නිහඬ කාලය තුළ නීති විරෝධී කටයුතුවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරයි.

