Image

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව සීමා කිරීමට තීරණයක්.!

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැට මහතා සඳහන් කළේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට පාසල් සිසුන් නිරාවරණය නොවිය යුතු බැවින් අධික හිරු එළියේදී දරුවන් එළිමහන් ස්ථානවලට නොයවන ලෙසයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිත බවයි.

චක්‍රලේඛය සකස් කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගනිමින් සිටිනා බවද ලේකම් වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග පැවැත්වෙන කාලය අඩු කිරීමට සිදුවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.