Image

දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කරයි.!

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මහනුවර සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කර ඇති අතර නව සංශෝධිත කාල වේලාව පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වාය.

ඊයේ (20) දිනයේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නොහැකි වූ සැදැහැවතුන් විශාල පිරිසක් අද දිනයේ වන්දනාමාන කරගැනීමේ අරමුණින් මේ වනවිටත් දිගු පෝලිම්වල සැදීපැහැදී සිටී.

TRENDING POST