2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.
පසුගිය 2023 වර්ෂයේ මෙම දර්ශකයේ 36 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64ක් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙසද ප්‍රකාශයට පත්කර ඇත.
ලෝක ජනගහණයෙන් 99.7%ක් ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට පත්කර ඇත.
ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර දෙවන ස්ථානය පකිස්තානය ලෙස නම් කර ඇත.