Image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි තුනකට කැඩෙයි

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට සහාය දක්වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් කෑලි තුනකට කැඩී ගොස් ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බවට ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායම අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගි ජන බලවේග පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

TRENDING POST