Image

ලොව පුරා සිටින සංචාරකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනාවක්

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරාධනාවක් සිදුකර තිබෙනවා.

දිවයිනේ සුන්දරත්වය ගවේෂණය කරන අතරතුර සියලුම සංචාරකයින්ට ආරක්ෂිත සහ ආරක්ෂිත අත්දැකීමක් භුක්ති විඳිය හැකි ලෙස සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාවක් පවත්වාගෙන යන බවද එම කාර්යාංශය සිදුකළ නිවේදනයේ සඳහන්.

මෙහිදී දිවයිනේ සෑම ප්‍රදේශයකම සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහතික වී ඇති බවයි වැඩි දුරටත් එහි දක්වා තිබෙන්නේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.