Image

මැතිවරණ කොමිසමේ ආරක්ෂාවට STF 1500ක්.. අවට ගොඩනැඟිලි මත ස්නයිපර් භටයින්.!

මැතිවරණයයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස් ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන් ඇතුළු බලධාරීන් එක්ව විශේෂ සාකච්ඡාවක් පසුගිය 16 වැනිදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවැත්වූහ.

මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසූවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගන්නා ලබන 15 බ්‍රහස්පතින්දා දිනයේ මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදෙවීමට් එහිදී සාකච්ඡා කළ බවයි.

සභාපතිවරයා පැවසුවේ එම කලාපයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කළ බවයි.

ගුවන් හමුදා ස්නයිපර් කණ්ඩායම් මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ගොඩනැගිලි මත යෙදවීමටද සැළසුම් කර ඇති අතර මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මැතිවරණ කාර්යාලයට පැමිණෙන වාහන වෙනුවෙන් A,B,C වශයෙන් බලපත්‍ර තුනක් නිකුත් කෙරෙන අතර අපේක්ෂකයන් සඳහා නිකුත් කෙරෙන්නේ A බලපත්‍රයයි.

එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන්ම මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව ලැබෙනා අතර අපේක්ෂකයා සමග මැතිවරණ කාර්යාලයට පැමිණීමට නාම යෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණක් අවසර හිමි වේ.

මැතිවරණ අපේක්ෂකයන්ගේ සහායට වෙනම පොලිසිය යතුරුපැදි කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇති අතර අපේක්ෂකයන් සමග පැමිණෙන ආධාරකරුවන් මැතිවරණ කාර්යාලයෙන් පිටත ස්ථාන වෙන් කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.