Image

පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කියයි

කවර හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයකු පාතාලයේ සහ මැරයන්ගේ සහාය ලබාගැනීමට තැත් කරන්නේ නම් රටපුරා කොට්ඨාස 45ක පිහිටා තිබෙන පොලිස් මෙහෙයුම් මැදිරියට වහාම දැනුම් දෙන ලෙස පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන බව ද එම ආරක්ෂාව පිළිබඳ කිසිවකු හෝ සෑහීමකට පත්නොවන්නේ නම් ඊට හේතු දක්වා අතිරේක ආරක්ෂාවක් ද ලබාගැනිමට හැකි අතර එම චෝදනා සාධාරණ විය යුතු බව ද පොලිස් මැතිවරණ කාර්යාලය කියයි.

මෙම මැතිවරණය ඉතාමත් සාමකාමීව පැවැත්වීමට සියලු අපේක්ෂකයන් කටයුතු කළ යුතු බව පොලිසිය පවසයි.

මෙම මැතිවරණ මෙහෙයුම් මැදිරිවලට අමතරව ඒ ඒ පොලිස් ස්ථානවල ද මැතිවරණ කටයුතු සඳහා විශේෂ පොලිස් නිලධාරීන් තිදෙනකු බැගින් දිවා රාත්‍රි සේවයේ යොදවා ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.