Image

ළමුන් දාන්න දත ගැලවූ විදුහල්පතිවරු ක්ලීන් කරයි.!

පසුගිය ජනවාරි 30 වන දා ආරම්භ කළ දිවයින පුරා සියලු පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම් අතරතුරදී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බව වාර්තා වේ.

ජනවාරී මස මැද සිට එවැනි විදුහල්පතිවරුන්ගේ තොරතුරු ලබාගැනීම ආරම්භ කළ බවත් මුදල් හා විවිධ ද්‍රව්‍ය ලබා ගන්නා විදුහල්පතිවරුන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට චක්‍රලේඛ මඟින් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

ඊට සමගාමීව සිසුන් ඇතුළත් කිරීමේදී මුදල් අය කළ සහ වෙනත් මූල්‍යමය බලපෑම් සිදුකළ විදුහල්පතිවරුන් පිළිබඳව තොරතුරු රැසක් ලැබී ඇති බව සඳහන්.

රජයේ සියලු ම පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී සෘජුව හෝ වක්‍රව ආධාර මුදල් හෝ වෙනයම් බඩු බාහිරාදියක් ලබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කරමින් චක්‍රලේක නිකුත්කර තිබියදී එවැනි කටයුතු සිදුකළ නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

එමෙන්ම දරුවන් ඇතුළත් කිරීමට පෙර හෝ පසුව පාසල් ප්‍රධානීන් හෝ පාසලට සංගම් හෝ සමිති එවැනි බලපෑමක් සිදුකිරීමද නීතී විරෝධී බවත් එවැනි කටයුතු සිදුකර ඇති විදුහල්පතිවරුන් සියලු දෙනාට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමෙන් පසු නීතීමය හා ආයතනික ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම්කර ඇති බවත් වාර්තා වේ.

TRENDING POST