වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉරණම හෙට සහ අනිද්දා දිනය තුළ ජනාධිපතිවරණයට දිනයක් නියම කිරීමත් සමග තීරණය වන බව ප්‍රධානි සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ නුවරඑළියයේදී පැවසීය .
ඔහු ඒ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ සංවිධානයයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පාක්ෂිකයන් ජවයෙන් යුතුව මැතිවරණ සඳහා සූදානම් කරවීමේ අරමුණින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන “ජවය” නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව සදහා සහභාගි වී අදහස් දක්වමිනි ,
“ජවය” නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සමඟින් සභාව ආමන්ත්‍රණය කළ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කියා සිටියේ තමන් අභිනවයෙන් දිස්ත්‍රික් නායකත්වය හා ප්‍රධාන ආසන සංවිධායක ධූරය භාරගත් නුවරඑළියේ ජනතාව වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කරන බවත් කිසිසේත් රාජපක්ෂ පවුලේ දේශපාලනයට හා ඔවුන්ට සහයෝගය ලබාදෙන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමනට සම්බන්ධ නොවී ප්‍රතිපත්තිගරුක ලෙස පැරණි සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පමණක් සැදුම්ලත් විපක්ෂ නායක හා සමඟ යන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ගමනට ශක්තියක් වෙමින් ප්‍රතිපත්තිගරුක නවමානයකින් යුතු දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ,
ඉන් අනතුරුව “ජවය” නුවරඑළිය දිස්ත්‍රික් සමුළු සභාව ආමන්ත්‍රණය කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මැතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙසේද කීය ,
රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එදා ඉදන් කළේ බලතන්හාවෙන් වැඩ කරන එක ඔහු කවදාවත් පක්ෂයේ හිටපු කෙනෙක්ට නායකයෙක් වෙන්න ඉඩ ලබා දුන්නේ නැහැ පුළුවන් තරමට කරේ කකුලෙන් අදින එක ,
පක්ෂ ඉන්න අයට උඩට එන්න නොදී මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ වැනි වාමාංශික දේශපාලකයන් උඩට ගෙනල්ලා පක්ෂයේ ප්‍රබලයන් පොළොවටම සමතලා කරන්න කටයුතු කලා ,එදා හිටිය ජේ.ආර් ලා ලලිත් ඇතුලත් මුදලිලා , රේණුකා හේරත්න ගාමිණි දිසානායක ලෝකයේ ජේෂ්ඨ නායකයන් අපිට බිහිවෙන්නෙ නැතුවට එකම හේතුව රනිල් වික්‍රමසිංහ වගේ බල තණ්හාව ඇති නායකයෙක් පක්ෂ නායකත්වය බදාගෙන මෙතරම් කාලයක් කාලකන්නි කරපු නිසා ,අපිට ඕන ජ්‍යෙෂ්ඨ නායකයන් බිහි කරන දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න ,ඒ සංස්කෘතිය බිහිකරන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස හෝ හැමදාම කලේ ඔහුගෙන් පස්සේ රට බාරගන්න නායකයා නිර්මාණය කරන එක ,අපි එදා ඉදන්ම චන්දෙ දුන්නේ සල්ලාලයන්ට මිනීමරුවන්ට කොපාටියන්ට එසේ නමුත් මින් ඉදිරියට ඡන්දෙ දෙනකොට රටට වැඩක් කරන්න පුළුවන් බුද්ධිමත් තරුණ හඬකට ඡන්දෙ දිය යුතු පසුබිමක තමයි අපි රැඳී ඉන්නේ ,අපි පල්ලහටම වැටිලා බිමටම සමතලා වෙච්ච වෙලාවක සාරාන්ගේ ප්රශ්නය වැරැද්ද ඔක්කොම අපිට ආපු වෙලාවක අපිට ඡන්ද ලක්ෂ පනස් පහක් ලැබුණා ,
ඒත් මේ වෙලාව බලනකොට මහජනතාව තේරුම් අරන් ඉන්නේ රටට වැඩක් කරන්න පුළුවන් එකම පක්ෂය අජිත් ප්‍රේමදාස ප්රමුඛ සමග ජන බලවේගයට බව මහජනතාව තේරුම් අරන් ඉන්නේ ,රටේ සාර්ථකත්වය වෙනුවෙන් තුළ නායකයන් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න හිතන් ඉන්නවා ,ඒ හැම කෙනාගේම සහයෝගයත් එක්ක මෙවර ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණය වූ විශිෂ්ට ජයග්‍රහණයක් සජිත් ප්‍රේමදා සිටම සබඳතන බලවේගයට ලබා ගැනීමට හැකිවන බව නොඅනුමානයි ,ජනතා විමුක්ති පෙරමුණ එදා ඉදන්ම මිනී මරපු අමානුෂික ගති ලක්ෂණ තියෙන ඉතාම දරදධු කිසිම විනයක් නැති පුද්ගලයෙන් පිරිසක් ,ගෝඨාභය රාජපක්ෂ වැරදියි කියල මහජනතාව එළවනකොට ගෝඨාභය ගියා ගෝඨාභය රාජපක්ෂට රාජපක්ෂට දරාගන්න බෑ මොකද මනුස්ස වැඩ කරේ ආමි එකේ ,එහෙත් අනුර කුමාර ඇතුළු පිරිස වැරදි කරා කියලා එළවන්න බැහැ එහෙම එලවන්න ලෑස්ති වුණොත එදා ජේවීපි එක කරා වගේම කුඩුබ්වෙන්නම දීලා ඇදලා දිගින් දිගටම පාලන බලයේ රැදී ඉදියි ,සජිත් ප්‍රේමදාස සහ අපි කියන්නේ ගිටාර් එකක් දැක්කනම් ගහන්න හිතෙන ෆුට්බෝලයක් දැක්කනම් ගහන්න හිතෙන බැට් එකක් දැක්කනම් ක්‍රිකට් ගහන්න හිතෙන අය ,ඒත් අනුර කුමාරලා කියන්නේ තුවක්කුවක් දැක්කනම් වෙඩි තියන්න හිතෙන , බෝම්බයක් දැක්කනම් ගහන්න හිතෙන පිහියක් දැක්කනං අනින්න හිතෙන අය ඒ අයට ගිටාර් ගහනවා ක්‍රිකට් ගහනවා වැරදියට පේන්නේ ඒ නිසයි ,කැළේ වෙනස් උනාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ අඳුර කුමාරත් මේ වගේ ජාතියේ එකෙක් තමයි යනුවෙන් හෙතෙම පැවසීය ,
නුවරඑළිය දිස්ත්‍රික් “ජවය” වැඩසටහන සඳහා විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම් සමන්ත සමරසිංහ මහතා , නුවරඑළිය ආසන සංවිධායක දිනේෂ් ලංකා ගීගනගේ නුවරඑළිය සම ආසන සංවිධායක අශෝක සේපාල ,, වලපනේ ආසන සංවිධායක හිරන්‍යා හේරත් රණවීර මහත්මිය , කොත්මලේ ප්‍රධාන නීතිඥ ජයන්ත බණ්ඩාර මහතා සම ආසන සංවිධායක මහේෂ් ගල්ලේදන්ඩ මහතා සහ නුවරඑළිය සියලුම ආසන ප්‍රයෝජනය කරන පලාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයන් ඇතුළු සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.