ගෝඨාභය රාජපක්ෂට කිසිදු පාලන අත්දැකීමක් නොමැති නිසා බලය නොදෙන ලෙස තමන් ඉල්ලා සිටිය ද ජනතාව ඊට කන්නොදුන් බව සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ පවසයි.
මේ අවස්ථාවේ අනුර දිසානායකට හෝ නාමල් රාජපක්ෂට බලය ලබා දී පලක් නොමැති බවත් ජනතාවට ඇති එකම විකල්පය සජිත් ප්‍රේමදාස බවත් හෙතෙම අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස බලයට පත් වූ පසු ආයෝජකයන් කැඳවා රට වටා සංචාරක හොටෙල් ඉදිකරන සංචාරක කර්මාන්තය දියුණු කරන බවත් වසරක් ඇතුළත අක්කර 1000ක වෙළඳ කලාප දියුණු කරන බවත් ඔහු සඳහන් කළේය.
එම ජයග්‍රහණය ලබා ගැනීමට අව් රෂ්මියෙන් විටමින් Dවලින් උපරිම ශක්තිය ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරන බව ද සුජීව සේනසිංහ ප්‍රකාශ කළේය.

