Image

මන්ත්‍රීලට වාහන 225ක් රටින් ගේන්න තීන්දු කරලා නෑ… දේශීය වාහන 225ක් වුණත් දෙන්නත් පුළුවන්…! – ඇමති හඳුන්නෙත්ති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුත් වාහන 225ක් ආනයනය කර ලබා දීමට රජය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කෙසේ වුව ද මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදීමට තමන් මැතිවරණ ප්‍රකාශය මගින් ජනතාවට පොරොන්දු වී ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව ඇතැම් විට දැනට රජය සතු වාහන සංචිතයක් එකතු කර එමගින් වුව ද මන්ත්‍රීවරුන්ට වාහන ලබා දිය හැකි බවයි, ඇමතිවරයා ප්‍රකාශ කළේ.

එසේ ම මේ වන විට ලංකාවේ එකලස් කරන වාහන 225ක් මන්ත්‍රීවරුන්ට ලබා දීමට වුව ද හැකි බව ඇමති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

ඒ අමාත්‍ය විජිත හේරත් මන්ත්‍රීවරුන් සඳහා රජය අලුතින් වාහන 225ක් ආනයනය කර ලබාදීමට සාකච්ඡා කරන බවට සිදුකළ ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කළ අවස්ථාවේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.