Image

“හොරකමින්, වංචාවෙන්, මනුෂ්‍ය ඝාතන වලින් තොර නායකයා අනුර කුමාර”

අද වනවිට හොරු කණ්ඩායම දෙකට බෙදී ඇති බවත් එදා සිට සිදුකළ හොරකම් සියල්ල දැන් වමාරන බවත් සහරාන්ට බෝම්බ ගහන්න කිව්වේ කවුද කියා හෙට අනිද්දා වමාරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති සදහන් කරයි.

පැවැත්වීමට නියමිතව ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර රට හිනස්සවන බවද ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති සදහන් කරයි.

රටේ ජනතාවට අවශ්‍ය දේ ජනතාව නිවරදිව තේරුම් ගත්තොත් හොරකමින් වංචාවෙන්, මනුෂ ඝාතන වලින් තොර නායකයෙක් වන ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බව සුනිල් හදුන්නෙන්ති සදහන් කරයි.

ආණ්ඩුවේ අර්බුද ජනතාවට පටවලා ජනතාවගේ අර්බුදය මායිමට ගන්නැතුව ආර්ථික අර්බුදය වහන්න හදන රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති කරෝතින් මීට වඩා ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වන බවද සදහන් කරයි.

ජාතික ජන ජන බලවේගයේ බැංකු මූල්‍ය සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමින් ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති මේ බව සදහන් කරයි.

TRENDING POST