කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ අදහසකට අනුව වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව සෑම සඳුදා දිනකම උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ජනතාවට තම ගැටළු විසඳා ගැනීම සදහා විෂය බාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවේ.
පළමු දිනයේ ක්ෂුද්‍ර පරිමාණ – සුළු පරිමාණ – මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ගැටලු වලට විසඳුම් සොයා පැමිණි බව එම අමාත්‍යංශය සදහන් කරයි.