Image

රෑ දොළහමාරට කෝල් කළාම පුදුම වුණා… මම මන්ත්‍රී කියලා පිළිගත්තේම නෑ…! – මාලිමා මන්ත්‍රී

පසුගිය දිනක රෑ 12.30ට පමණ පාර්ලිමේන්තුවේ සිට තමන් සිය ගම්වැසියන් දෙදෙනෙකුට කතා කළ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.

එහි දී තමන් කවුදැයි ඔවුන්ට හඳුන්වා දුන්න ද එය පිළිනොගත් බව ද හෙතෙම සඳහන් කරයි.

“උඹ මන්ත්‍රී වෙන්න බෑ. බොරු කියන්න එපා. උඹ කෝල් එක ගත්තේ මොකටද කියපන්.” යැයි ඔහු සඳහන් කළ බව ද සුනිල් රත්නසිරි ප්‍රකාශ කරයි.

ඔවුන් එය පිළිනොගත්තේ එය විස්මයක් පුදුමයක් නිසා බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මේ බව කීය.

TRENDING POST