Image

ගමේ ව්‍යවසායකයන්ට කෝටි දෙක හමාරක්.. අමාත්‍යංශය ඇප වෙයි.!

ග්‍රාමීය මට්ටමින් කුඩා ව්‍යාපෘති ආරම්භ කරන අයට සහන පොලියක් යටතේ රුපියල් කෝටි දෙකහමාරකට අඩු ණයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එම ණය පහසුකම රාජ්‍ය බැංකුවක් සමග ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් ලෙස ලබාදෙනු ලැබේ.

ව්‍යාපෘති වාර්තාව කර්මාන්ත අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර එහි අනුමැතිය ලැබීමෙන් පසු බැංකුව හරහා මෙම ණය මුදල ලබා දීමේ ක්‍රමවේදය සැලසුම් කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම සඳහා තරුණ ව්‍යවසායකයන්ට ග්‍රාමීය ආර්ථිකය ඔසවා තැබීමට ඒ අනුව රජය සැලසුම් කර ඇත.

කුඩා කාන්තා සමිති එක්කර වී මෝල් ඉදිකිරීමටත්, ගොවිපොල ඇතිකිරීමටත් ආර්ථිකය සඳහා අලුතෙන් ප්‍රවිෂ්ට වන අයටත් රාජ්‍ය බැංකුවක් සමග ඒකාබද්ධ වී අදාළ සංවර්ධන ණය යෝජනා ක්‍රමය සකස් කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.