Image

තරුණ සේවා සභාවට පෑයූ තරුව.!

චින්තක හේවාපතිරණ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තරුණ සේවා සභාවේ සභාපති ධූරය සඳහා නීතීඥ සුපුන් විජේරත්න මහතා පත් කර තිබේ.

ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන අතර මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරයෙකු වන සුපුන් විජේරත්න මහතා යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර ඇත.

ඔහුගේ පත්වීම සුවිශේෂී වනුයේ යෞවන සමාජ ව්‍යාපාරයත්, යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙකු ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව බැවිනි.

TRENDING POST