පුද්ගල ආදායම් බද්ද සඳහා සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,
“ශ්‍රි ලංකාව අපනයනය ඉලක්ක කරගත් සහ තරගකාරී ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කය විය යුතුයි. දැන් අප සිටිනුයේ බදු සීමාවන් ගැන සාකච්ඡා කිරීමේ අදියරේයි. අප මේ වසරේ ශක්තිමත් ආර්ථික කාර්ය සාධනයක් ලබා ඇති අතර ලබන වසර තුළත් එය පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා.
ඒ වගේම බදු ගෙවන්නන්ට සහන සැලසීම සඳහා පුද්ගලික ආදායම් බදු ව්‍යුහයේ ගැලපීම් පිළිබඳව මේ වන විට අප සලකා බලමින් සිටිනවා. ඒ සම්බන්ධව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙන්ම මහා භාණ්ඩාගාරයෙන් යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබෙනවා.
භාණ්ඩාගාරයේ යෝජනාව වන්නේ රුපියල් මිලියන 1.2ක බදු රහිත සීමාවක් පවත්වා ගෙන යමින් බදු පරාසය රුපියල් 500,000 සිට 720,000 දක්වා පවත්වාගෙන යමින් ඉහළ බදු අනුපාතය 36%ක තබා ගැනීමයි.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති ප්‍රති යෝජනාවේ සඳහන් වන්නේ බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2 පරාසයෙහි තබාගනිමින්, නමුත් පළමු බදු පරාසය රුපියල් 500,000 සිට රුපියල් මිලියනය දක්වා පුළුල් කරමින් සියලු බදු සීමාවන් රුපියල් 500,000 කින් ඉහළ නංවා ආරම්භක සීමාව රුපියල් 500,000ක් ලෙස පවත්වාගෙන යමින් ඉහළම බදු අනුපාතය 36% හි පවත්වා ගැනීමයි.
අප එම යෝජනා ඇගයීමට ලක්කරමින් සහන සැලසීමට කටයුතු කරමින් සිටිනවා. මෙහිදී රටට සහ ජනතාවට වඩාත් සුදුසු දේ සලකා අප තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.”
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.