Image

නව බදු සංශෝධනයට අනුව ඔබේ වැටුපට අයකරනා බදු ප්‍රමාණය මෙන්න.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

එහිදී ජනාධිපතිවරයා විසින් සංශෝධනයට ලක් කළ උපයන විට අය කෙරෙන බදු (Payee Tax) සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව දැනුවත් කරමින් පැවසූවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවය මත උපයන විට බදු අයකෙරෙන අවම සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි.

එම නව සංශෝධනය අනුව, රුපියල් 150,000ක මාසික වැටුපක් හිමි අයෙක් උපයන විට බද්දෙන් 100%කින් නිදහස් වේ.

මින් පෙර පැවති බදු අයකිරීම මත රුපියල් 150,000ක වැටුපක් ලබනා පුද්ගලයෙකු උපයන විට බදු ලෙස රුපියල් 3,500 ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව උපයන විට බදු ගෙවිය යුතු වන්නේ නැහැ.

රුපියල් 200,000ක වැටුපක් හිමි පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 10,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු වන්නේ රුපියල් 3,000ක මුදලක් පමණි.

රුපියල් 300,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් රුපියල් 35,000ක් උපයන විට බදු ලෙස ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු මුදල රුපියල් 18,500 දක්වා පහත හෙලා ඇත.

එමෙන්ම රුපියල් 500,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් උපයන විට බදු ලෙස රුපියල් 106,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය මගින් ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් 86,000ක් පමණි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.