Image

අද උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට අද (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ, උතුරු ,උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවයි.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සියන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිලිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හෙට දිනයේදී හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසටත් වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.