Image

අධික උණුසුම හමුවේ 20%කින් ඉහළට.!

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල පරිභෝජනය 20%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේකර සදහන් කරයි.

ජල පාරිභෝගිකයකු සාමාන්‍යයෙන් දිනකට පානීය ජල ලීටර් 100 පමණ පරිහරණය කරන බවත් එය ජල ලීටර් 120ක් දක්වා වැඩි වී ඇති බවද එම මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේකර සදහන් කරයි.

දිවයින පුරා ජල පරිභෝජනය එක මට්ටමකින් ඉහළ ගොස් නැති බවත් විශේෂයෙන් බස්නාහිර පළාත තුළ පානීය ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවද සභාපති දීප්ති සුමනසේකර සදහන් කරයි.

TRENDING POST