Image

දුර්වල පිතිකරණය මත දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු – තිළිණ කණ්ඩම්බි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි තීන්දු තීරණවලට යාමට සිදුවන බව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසයි. 

සංචාරයකට සහභාගි වීම සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය 20×20 ක්‍රිකට් කණ්ඩායම සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැති දෙවන තරගයද පරාජය වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ හෙතෙම එසේ කීය.                                                                                      

තව දුරටත් අදහස් පළ කළ පිතිකරණ පුහුණුකරු මෙසේද කීය.

මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි. පිතිකරුවන් අසාර්ථක වීම දිගින් දිගටම වෙනවා.ලෝක කුසලාන තරඟයේ බංග්ලාදේශ තරඟයේදීත් මේ දේ වුණා. හැමදාම නිදහසට කරුණු කියන්න බෑ. පුහුණුකරුවන් වශයෙන් අපිටත් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. පිතිකරුවන්ටත් ඒ වගේම තමයි. නිසි ප්‍රතිඵලයක් නැත්නම්, අපි බලාපොරොත්තු වන දේ වෙන්නේ නැත්නම්. අපිට අකමැත්තෙන් උනත් දැඩි තීන්දු තීරණ වලට යන්න වෙනවා. මේ අය තවදුරටත් වගකීමෙන් ඔලුව කල්පනා කරලා කටයුතු කළේ නැත්නම් දැඩි තීරණ ගන්න වෙනවා. පැතුම් නිශ්ශංක, කුසල් වැනි අය එයාලගේ වගකීම මත  සාර්ථක වෙමින් ඉන්න අවස්ථාවේ මැද පෙළ පිතිකරුවන්ගේ ගැටළුව තදබල ලෙස උද්ගත වෙලා තිබෙනවා. මේ අය පිටියට ගිහිල්ලා පිතිකරණයේ යෙදෙන වෙලාවේ ගන්න තීන්දු තීරණ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් අයට දිගින් දිගටම අවස්ථාව දුන්නා. ප්‍රගතියක් නැත්නම් සංචිතයේ ඉන්න දක්ෂ නවක ක්‍රීඩකයෝ ආදේශ කරන්න අපිට වෙනවා. අමාරු තීරණ නොගෙන හැමදාමත් මේ දේ  කරගෙන යන්න අපට අමාරුයි.  පිතිකරණයේ දුර්වලකම් අපි පිළිගන්න ඕනේ. වැරදි හදාගෙන ඉදිරියට යන්න බැරිනම් වෙනත් ක්‍රීඩකයන් ආදේශ කරන්න අපිට සිදුවෙනවා.

TRENDING POST