ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් කල් ලබාදුන් ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කර ඇත.
ඒ අනුව එළඹෙන ජනවාරි මස සිට මෙතෙක් කල් ලබාදුන් ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි.
හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ජනවාරි සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිත බවත් එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන අතර ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්ර වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (29) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.