Image

හල්ලොලුව අභිරහස හෙළි වෙයි.. වෙඩි තැබීමට ආ පැදිකරු අත්අඩංගුවට.!

පසුගිය 17 වැනිදා නාරාහේන්පිට පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි මෝටර් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතී.

එම විමර්ශන අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී මෙම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු හා එම අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථන 04ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකුරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.