ශ්‍රී ලංකාව මේ වනවිට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට පුළුවන් එකම නායකයා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සදහන් කරයි.
රටේ අනෙක් වේදිකාවල සිටින කණ්ඩායම් සමග බලනවිට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමට රට ගොඩගැනීමට පුළුවන් බවත් තමා එම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස සහ කණ්ඩායම ගැන ලොකු පැහැදීමකින් බවද තිලකරත්න ඩිල්ෂාන් සදහන් කරයි.
කිසි දේකට බිය නොවිය යුතු බවත් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවත් අනතුරුව රට ගොඩගන්නා බවද තිලකරත්න ඩිල්ෂාන් සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැලියට එක්වෙමින් තිලකරත්න ඩිල්ෂාන් මේ බව සදහන් කරයි.