Image

”තවත් ඩිල්ස්කූප් එකක් ගහන්න ලෑස්ති වෙලා ඉන්නෙ දේශපාලනයෙන්”: තිලකරත්න ඩිල්ෂාන්

ගෙවුණු වසර 10 ක් 15 ක් තුළ කාලයේදී තමන් වැඩකටයුතු සිදුකළේ එක් දිස්ත්‍රික්කයකට පමණක් සීමා නොවී මුළු රට වෙනුවෙන්ම වන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසනවා.

මෙතෙක් ලාංකීය දේශපාලනය තුළ ක්‍රීඩකයෙක් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් පැවතියා වූ මතය තමාට වෙනස් කළ හැකි බවයි එහිදී ඔහු අවධාරණයෙන් කියා සිටියේ.

එමෙන්ම තමන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය සමග දේශපාලන ගමනක් යාමට තීරණය කිරීමට පෙර සිදුකරන ලද දේශපාලන තෝරාගැනීම් තුළ, රට වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ නොතිබුණු බවයි ඩිල්ෂාන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

TRENDING POST