ව්‍යවස්ථාව උගන්වන්නට කතා කරන රනිල් වික‍්‍රමසිංහගෙන් ඉගෙන ගත හැක්කේ ව්‍යවස්ථාව නොව, ව්‍යවස්ථාව කඩන ආකාරය බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.
ජනතාව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව විහිළු සැපයීම නතර කර රනිල් වික්‍රමසිංහ පරාජය භාරගෙන පාඩුවේ ජීවත්වන ලෙසද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සදහන් කළේ,
“මේ දේශපාලනයේ තියන ඉතාම විලිලජ්ජා නැති දෙයක් තියනවා. ප්‍රතිපත්තිමය වශයෙන් විවේචනය කරගන්නවා වෙනුවට නිර්මාණය කරන ලද බොරු සමාජගත කිරීම. ඉනුත් නරකම එක තමයි සමාජගත කළ බොරු මිනිස්සුන්ගේ සංවේදී තැන්වන ජාතික සහ ආගම ගැන නම් ඉතාම බරපතලයි.
අපි ආගම අතර ජාතීන් අතර විරසක හදලා සැක හදලා ඉතිහාසයක් පුරා වේදනා වින්ද රටක්. තවමත් ආගම් අතර වෛරය වපුරනවා නම්, බොරු හදනවා නම්, අසත්‍ය තොරතුරු නිර්මාණය කරලා කියනවා නම් ඒක සමාජය තුළ තියෙන්න ඕන නැති දෙයක්. බොරු නිර්මාණය කරන අයත් සමාජය තුළ බොරු වපුරන අයත් ඒවට වග කියන්න ඕන. මේක ඉතාම බරපතල තත්ත්වයක්.
ඒ නිසා හැම ජන කොටසකගෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි බොරු කියන අයට අවස්ථාව දෙන්න එපා. මෙවැනි බොරු පිලිගන්න එපා. මෙවැනි ආගම් පටලා බොරු කියමින් යන අයට දේශපාලනයේ කිසිදු අවස්ථාවක් දෙන්න එපා. මේ මතවාද දේශපාලන වශයෙන් පරාද කළ යුතුයි. තවත් බොරු කියාවි. ඒ අසත්‍ය නිර්මාණ පිලිගන්නේ නැතිව ඇත්ත තෝරගන්නා ලෙස ඔබට ආරාධනා කරනවා.
පළපුරුද්ද තියනවා කියන අය මොකද කරලා තියෙන්නේ. මහජන මුදල් නාස්ති කිරීම සහ හොරකම් කිරීම. ඒකට ඔය කියන හැම දෙනාම පළපුරුදුයි. ඔය හැම දෙනාම සම්බන්ධයි. ඔය කියන හැම දෙනාම පළවෙනි පාර පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ එල් බෝඩ් ගහන් තමයි.
හැබැයි අපි නිවැරදි දේ කරලා පෙන්වලා තියනවා. කලින් අමාත්‍යාංශ 28ක් තිබුණා. ඒක 25කට අඩුකරලා දැන් 03කට අකුලගෙන කරන්නෙ. කරදරයක් නැතිව වැඩේ කරනවා. මේ වැඩේ කරන්න ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වගේ ඇමතිවරු හැට ගණනක් හිටියා.
මේ තියෙන්නේ මොකක්වත් නෙමෙයි. මාලිමාවට විරුද්ධව කියන්න දේවල් නැති වුනාම එක එක දේවල් කියැවීම. ඒ අයගෙ මතය ප්‍රතික්ෂේප කරලා ජනතාව ඡන්දය දීලා තියනවා. රනිල් වික්‍රමසිංහ ගැන නම් කියන්න තියෙනේ ඔහු දැන් පැරදිලා දරාගන්න බැරිව දොඩවනවා. ඉස්සර අපේ ගම්වල ඉන්නේ එහෙම වයසක කට්ටිය. ඔහේ කටට ආවට දොඩවනවා. මාධ්‍ය අවස්ථාවක් තියනවා. එයා කියවනවා.”
කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මේ බව සදහන් කරයි.