Image

කටුනායකින් බහින සුද්දොන්ට ලොවෙත් නැති අත්දැකීමක්.!

සැමට සමෘද්ධිය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීම යන තේමාව යටතේ BIMSTEC ඩිජිටල් සමුළුව කොළඹදී පැවැත්විනි.

මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විදෙස් නියෝජිතයන් රැසක්ද සහභාගී වී සිටියහ.

එහිදී ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීම සහ ඒ හරහා රාජ්‍ය සංවර්ධනය සිදුකිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකෙරුනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පැවසූයේ ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ප්‍රජාවන් සඳහාද ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ හරහා සංචාරකයා මෙරටට පැමිණීමට තීරණය කළ මොහොතේ සිට ඔහු යළි ශ්‍රී ලංකාවෙන් පිටවන මොහොත දක්වා විධිමත් සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සමුළුව අමතමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ශ්‍රී ලංකාව විසින් ආරම්භ කළ මෙම වැඩසටහන සඳහා සුභ පැතුම් එක්කළේය.

එහිදී අදහස් දැක්වූ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසා සිටියේ ‍ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය අවසන් කිරීමට නම් ඩිජිටල් කරනය හඳුන්වාදීම අනිවාර්ය බවයි.

එමෙන්ම ලොව තරගකාරී ආර්ථිකයන් සමග කටයුතු කිරීම සඳහා මෙම ඩිජිටල් පරිවර්තනය ඉතාමත් වැදගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.