Image

වාහන මිල බිම දිගේ යයි.. බ්‍රෑන්ඩ් නිව් KDH කෝටි එක හමාරට ගොඩ බායි.!

සංචාරක කාණ්ඩයේ වාහන සඳහා ටොයොටා ලංකා සමාගම විසින් සිය වාහන පළමු තොගය මෙරටට ආනයනය කර තිබේ.

ඒ රජය විසින් වාහන ආනයනය සඳහා වූ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුවයි.

එම සමාගම පවසන්නේ ඒ අනුව බස් සහ වෑන් රථ මෙරටට මාස හතරක කාලයක් ඇතුළත සාර්ථකව ආනයනය කරන ලද බවත්, නොබෝදිනකින් තවත් බොහෝ වාහන අනනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

ලක්‍ෂ 150ක මුදලකට අලුත්ම ටොයොටා හයිඒස් වෑන් රථ සහ ලක්‍ෂ 170කට අලුත්ම ටොයොටා කෝස්ටර් බස් රථය අලෙවිකරන බව ටොයොටා ලංකා සමාගම විසින් පූර්ව ප‍්‍රචාරක දැන්වීම් වල සදහන් කර තිබුනි.

වර්තමාන වෙළඳපොල තුල වසර 10ක් පමණ පැරැණි මෙම කාණ්ඩයේ වෑන් රථ රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට අලෙවි කරමින් ඇති පසුබිමකදී මෙම වාහන ආනයනක කිරීම හරවා වෙළඳපොල වාහන මිළ සම්බන්ධයෙන් ඇති අධික ඉල්ලුම සැළකියයුතු මට්ටමකින් පහල බසිනු ඇති බව වාහන ආනයනකරුවෝ පවසයි.

TRENDING POST