Image

AI තාක්ෂණය ඔස්සේ දුම්රියේ වනඅලින් ගැටීම වැළක්වන්න පියවර

දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමටද පියවර ගෙන තිබෙනවා. 

මෙම උපාංගය දුම්රියේ සවි කිරීමෙන් දුම්රිය ධාවනයේ යෙදීමේ දී අලිඇතුන් දුම්රිය මාර්ගයේ මීටර් 500ක් දුරින් සිටිය ද දුම්රිය රියදුරාට ඒ බව දැනුම් දීමක් සිදුවනු ඇති බව පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එහි දී පර්යේෂණ මට්ටමෙන් තාක්ෂණික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත අතර මෙම උපාංගය සවිකර මාස තුනක කාලයක් විධිමත් අධ්‍යයනකින් පසු මෙම උපාංගය වනජීවීන් හුවමාරුවන දුම්රිය ධාවන මාර්ගයන්ට අයත්  දුම්රියන්හි සවි කිරීමට ද අපේක්ෂිතයි. 

එමෙන්ම රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලීන් ගැටීම වැළැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ව තිබෙනවා.

මේ අතර පරිසරවේදීන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව පරසර අමාත්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් හා  දුම්රිය අධිකාරියේ දායකත්වයෙන් දුම්රියට බිලිවෙන අලි ඇතුන් ආරක්ෂා කරගැනීම උදෙසා දුම්රිය මාර්ගයේ  සිල්බර අතර හිස්තැන් පිරිවීම පසුගියදා සිදුවුණා.  

ගල්ඔය හංදිය – හිඟුරක්ගොඩ  අතර 141 සැතැපුම් කණුව ආසන්නයෙන් මෙය ආරම්භ කර තිබෙනවා. 

TRENDING POST