Image

උපකාරක පන්ති අත්හිටුවයි ?

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්,ඔහු මේ බව කියා සිටියා.

උපකාරක පන්ති ආශ්‍රිතව ජනාධිපතිවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ දින වල සමීක්ෂණ පවත්වන බව ඔහු කියා සිටියා.

එය අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් බව ඔහු සඳහන් කළ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,482 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ,ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 612ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 870ක් ලැබී ඇති බවයි.

ඉන් පැමිණිලි 1,419 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

මේ අතර, පසුගිය අගෝස්තු 14 වනදා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිට දිවයින පුරා නිරීක්ෂණ කටයුතුවල නිරතවනවා.

එමෙන්ම, මැතිවරණ දිනය වනවිට තවත් යුරෝපා සංගම් නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි.

ඔවුන් සමස්ත මැතිවරණ ක්‍රියාවලියෙන් පසුව සැප්තැම්බර් 22 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

TRENDING POST