Image

කුසේ වැඩුණු රනිල්ගේ එකම දරුවා.. ජීවවිද්‍යාත්මක වෙනස ගම්මන්පිල හෙළි කරයි.!

ජනාධිපති අපේක්ෂකයින් හෙරු අල්ලන බව සදහන් කළද මෙවර ජනපතිවරණයේදී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තවදුරටත් සදහන් කළේ,

“සජිත් ප්‍රේමදාස මැතිතුමාත් අනුර දිසානායක මැතිතුමාත් මන්තරයක් වගේ මතුරන දෙයක් තමයි මම ජනාධිපති වුණාම හොරු අල්ලනවා කියනවා ඒක. ඒ මහත්වරු නොදන්නවා වුණත් 1977 දී ජේ ආර් කිව්වෙත් හොරු අල්ලනවා කියලා.

1994 දී චන්ද්‍රිකා කිව්වෙත් හොරු අල්ලනවා කියලා. 2015 දී සිරිසේන කිව්වෙත් හොරු අල්ලනවා කියලා. නමුත් අල්ලපු හොරෙක් නෑ. කෙහෙල් හොරු වගේ නොවේ සුදු කරපටි හොරු අහු වෙන්න හොරකම් කරන්නේ නෑ. ඒ නිසා හොරකම් කළාට පස්සේ හොරා පස්සෙන් දුවන එක වෙනුවට හොරකම් කිරීම නැවැත්වීමයි වැදගත් වෙන්නේ.

ආයෝජන මණ්ඩලය අහෝසි කරලා එහි බලතල ජනාධිපති අතට ගන්න ආර්ථික පරිවර්තන පනත ගෙනාවාම සජබ කෑගැහුව්වේ ජනාධිපති ඒකාධිපතියෙක් වෙන්න හදනවා කියලා. දැන් සජිත් මොකද කියන්නේ.? ආයෝජන අනුමත කරන one stop shop බවට ජනාධිපති ලේකම් කාර්යාලය පත් කරනවාලු.

එතකොට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයක් මොකටද.? ආයෝජන මණ්ඩලයක් මොකටද.? ආයෝජන ප්‍රවර්ධන ඇමතිගේ බලතල ජනාධිපති යටතට ගන්නයි සජිත් හදන්නේ. ඊට පස්සේ ජනාධිපති කාර්යාලයේ ශාඛා සෑම දිස්ත්‍රික්කයකම දානවාලු.

මොකක්ද මේ සජිත් කරන්න යන්නේ.? රනිල්ට ඒකාධිපතියා කියමින් රනිල්ටත් වඩා ජනාධිපති බලය පතුරන එකයි කරන්න යන්නේ. අමතක කරන්න එපා. සජබ කියන්නේ එජාපයේ කුසේ වැඩුණු රනිල්ගේ එකම දරුවා. සජිත්ගේ ජීවවිද්‍යාත්මක තාත්තා ආර් ප්‍රේමදාස මැතිතුමා වුණත් දේශපාලන තාත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

ප්‍රේමදාස මැතිතුමා මොලේ පාවිච්චි කරලා සජිත්ව දේශපාලනයට ගෙන ඒම ප්‍රතික්ෂේප කළා. එහෙව් සජිත්ට 1994 දී නාමයෝජනා දුන්නේ රනිල්. ඒ නිසා රනිල් පරදන්න සජිත්ට ඡන්දේ දෙනවා කියන්නේ රාජ්‍ය බලය වම් අතින් දකුණු අතට මාරු කරනවා කියන එක විතරයි.”

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලදස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මේ බව සදහන් කරයි.

TRENDING POST